සහය දුන් සැමට ස්තූතියි – අගමැති

Share

“දැන් මම අගමැතිකමේ වැඩකටයුතු බාරගන්නවා. දෙවැනුව තියෙන්නේ කැබිනට් මණ්ඩලය පත් කරන්න. අවාසනාවකට පසුගිය දිනවල මේ රට පසුබෑමකට ලක්වුනා” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මැදුරේ මේවන විට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

අගමැතිවරයා වැඩ්දුරටත් පැවසුවේ නැවතත් සංවර්ධන කටයුතු වහා අාරමිභ කරන බවත් ව්‍යවස්ථාව මගින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ බවයි. තවද ඒම අවස්ථාවට පැමිණි තමන් හට සහය ලබා දුන් සියලු දෙනාටම ස්තූතිය පල කරන බවත් පැවසීය.

“දැන් මම අගමැති කමේ වැඩකටයුතු භාර ගන්නවා. දෙවැනුව තිබෙන්නේ ඇමති මණ්ඩලය නම් කරන්න. සති කිහිපයට අප ආරම්භ කළ සංවර්ධනය නැවතුණා. පසුගාමී තත්ත්වයකට රට වැටුණා. අපි පළමුමෙන්ම රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා සංවර්ධනය නැවත ඇතිකරනවා.

ගිය අවුරුදු තුනේ රට භාර ගත් ආර්ථික තත්වය නිවැරදි කිරිමට ජනතාව දුක් වුණා. එහි ප්‍රතිඵල ජනතාවට ලබාදෙන්න ආරම්භ කරන විටයි අර්බුදය ඇති වුණේ. මීට වඩා හොඳ අර්ථික තත්ත්වයක් ජනතාවට ලබාදෙනවා.

පාර්ලිමේ්න්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දු තිරණ ගත්තා. කථානායක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පියවර සඳහා මුහුණ දුන්නා. අපිට ඕන සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියාල විශාල සංඛ්‍යාවක් කිව්වා. සියලු දෙනාට ස්තූතියි. අපි ඉදිරියට යනවා. “

Read more

Local News