ඉදිරි පැය 48 තුළ නව කැබිනට් මණ්ඩලයක්

Share

රට තුල පවත්නා දේශපාලන ව්‍යාකූපත්වය තුරන් කර එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිටුවීමට අපේක්ෂා කරන අතර ඉදිරි පැය 48 තුළදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද (16) අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සතියේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවයි.

 

Read more

Local News