තැන් තුනකදී කුඩු සමඟ 3ක් මාට්ටු

Share

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු ප්‍රදේශ 3 කදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස – කල්දෙමුල්ල මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 20 ක් ළඟ තබාගෙන සිටි 41 හැවිරිදි සැකකරුවෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අැත.

තවද අක්මීමන – කෙසෙල්ගස්හේන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙකු කුරණෑගල වීදියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 23 හැවිරිදි කුරුණෑගල – බෝයගනේ පදිංචිකරුවෙකි.

Read more

Local News