මුලතිව් මුහුද ගොඩට ඇවිත් කරපු විනාශය

Share

ඊයේ (16) දින ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් හේතුවෙන් මුහුදු ජලය ගොඩු ගැලූ බවත් ධීවර යාත්‍රා සහ ධීවර වාඩි විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට මුලතිව් ධීවරයින් පැවසීය.

මුලතිව් නයාරු, කල්ලප්පාඩු, තීර්තක්කරෙයි මුහුදු තීරයේදී මුහුදු රළ අඩි 10 ක් පමණ ඉහළට නැගී මුහුදු රළ ගොඩට ගලා ඒම හේතුවෙන් මුහුදු වෙරළේ ඉදිකොට තිබූ ධීවර වාඩි සියල්ලක්ම විනාශ වී ගොස් ඇති අතර මුහුද ආසන්නයේ පිහිටි නිවාස වෙතටද මුහුදු ජලය ගොඩට ගලා ඇති බවට ධීවරයින් සඳහන් කර තිබේ.

එමෙන්ම මුහුදු රළ රළු වීම හේතුවෙන් මුහුදු ගමන් නොගොස් මුහුදු වෙරළේ ගාල් කොට තිබූ ධීවර යාත්‍රාද විශාල ප්‍රමාණයක් මුහුදු රළ ගොඩ ගැලීම හේතුවෙන් ගසාගෙන ගොස් ධීවර යාත්‍රාවලට දැඩි හානි සිදුව ඇත.

අයහපත් කාලගුණයත් සමග මුලතිව් ධීවරයින් හා සාමාන්‍ය වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටද මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පැවසීය.

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ගසාගෙන ගිය ධීවර ආම්පන්න හා ධීවර යාත්‍රා වලට සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් ගණන් බලා නොමැති අතරම එම ධිවරයින්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බවට මුලතිව් ආපදා කළමනාකරන ඒකකය පවසයි.

Read more

Local News