සෝමාවතියේ ලේ හලන්න ගිය දෙදෙනෙක් අවිය සමඟ දැලේ

Share

සෝමාවතිය රක්ෂිතයේ සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගත් ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ඊයේ(16) රක්ෂිතට තුළට අැතුළු වී සිටින අවස්ථාවේදී සුංගාවිල වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව, පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(17) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News