යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Share

යාපනය, කලඩ්ඩි ප්‍ර‍දේ‍ශයේ නිවසකට කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසයි.

මේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ තිබූ දේපළ වලට අලාභ හානි සිදුව තිබේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති බව පොලීසිය පැවසීය.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ පහදීම ආවා කල්ලිය විසින් සිදු‍කළේ ද යන්න සම්බන්ධයෙන් සැක කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News