ශ්‍රිලනිපයෙන් ආණ්ඩුවට ගන්නේ සම්මුඛ පරීක්ෂණයෙන්

Share

හෙට (18) දින නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ  “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ” යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා එම කටයුතු සිදු කරන බවද සඳහන් කරනු ලැබිය.

Read more

Local News