නීති විරෝධි පොලිතින් නිෂ්පාදකයින්ට වැඩ වරදී

Share

නීති විරෝධි පොලිතින් නිෂ්පාදනය කළ නිෂ්පාදකයින්, අළෙවිකරුවන් සහ ඒවා භාවිතයට ගත් ආපනශාලා හිමිකරුවන් 366 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා සඳහන් කළේ, ඉන් 350 දෙනෙකු අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වන අතර 16 දෙනෙකු නිෂ්පාදකයන් වන බවයි.

නීතිවිරෝධි පොලිතින් නිෂ්පාදකයින් කොළඹ, මාතලේ සහ ගම්පහ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කුරුණෑගල, ගාල්ල, කළුතර, ගම්පහ සහ කොළඹ ප්‍රදේශවලින් අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක් ව දීපව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක සිදු කරයි.

Read more

Local News