EU ලංකාව සමඟ ස්ථිර මිත්‍රත්වයන් තහවුරු කරයි

Share

වත්මන ශ්‍රි ලංකාවේ උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවට යුරෝපා සංගමය (EU) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නේවාසික තානාපතිතුමන්ලාගේත්, නෝර්වේ තානාපතිතුමාගේත්, එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක එසේ සඳහන් වෙයි.

තවද, ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතනයන් හි ප්‍රත්‍යස්ථිතිය පිළිබඳව යුරෝපා සංගමය ප්‍රසංශා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලු ශුභසාධනයන් කෙරෙහි කරනු ලබන ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දීමට කැමැත්ත පළ කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Read more

Local News