දේශපාලන අර්බුදය විසඳා ගත්බව ඔස්ට්‍රේලියාව පිළිගනී

Share

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඔස්ට්‍රේලියාව පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ,

“ඉන්දීය සාගරයේ දීර්ඝ කාලීන මිතුරෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය විසඳා ගැනීම ඔස්ට්‍රේලියාව පිළිගන්නවා. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය පෙන්වීමක්. ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රතිසන්ධානය හා සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරිමටත් දෙරට අතර සබඳතා තර කර ගැනීමටත් බලාපොරොත්තු වෙන” බවයි.

Read more

Local News