අද සමාජයේ තෙතමනය ගැන අනුර කියයි

Share

අද සමාජය නීරස තත්ත්වයට පත්ව ඇති බවත්, රට තුළ අධ්‍යාත්මික සමාජයක් නිර්මාණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික විද්වත් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

කිසිදු තෙතමනයක් නොමැති සමාජයක් බිහි වී ඇති බවත්, පැවසු අනුර කුමාර මහතා අද වන විට ලංකාවේ වසරකට රිය අනතුරු 30 000 ක් පමණ සිදුවන බව ද වාහන අනතුරු හේතුකොට ගෙන දවසට පුද්ගලයින් 8 දෙනෙකු මිය යන බවත් මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

යුද්ධය පැවති කාලසීමාවේ දී මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අද වන විට රිය අනතුරු හේතුවෙන් මිය යන බව ද ඔහු සඳහන් කළේය.

එවැනි විනයක් නොමැති සමාජයක් බවට අද වන විට රට පත්ව ඇති බවත් පොලිස් පොතේ ලියැවෙන පරිදි වයස අවුරුදු 16 ට වඩා අඩු දැරියන් 1200 ක් 2016 වසරේ දී කවර හෝ ලිංගික අඩත්තේට්ටමකට ලක්වන බව ද සඳහන් කළ අනුර කුමාර මහතා,අද වන විට සමාජයට සිදුව ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර සිටියේය.

Read more

Local News