පාර්ලිමේන්තුවේ සුළු පිපිරීමක්

Share

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භොජනාගරය ආසන්නයේ මුළුතැන්ගෙය තුළ අද(17) දහවල් සුළු පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

මන්ත්‍රී භොජනාගරය ආසන්නයේ මුළුතැන්ගෙය තුළ සිටින කැරපොත්තන් සහ ගුල්ලන් ඉවත් කිරීම සඳහා ගෙන එන ලද රසායන ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබු ස්ථානයේ එක් පැකැට්ටුවක් පුපුරා ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම සුළු පිපිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කිසිඳු දේපලකට හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂ දෙපාර්මේන්තුව හා පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

Read more

Local News