චම්පික අප්පච්චිට බෑ කියයි

Share

ගත වූ දින 50 දී අපි පෙන්නුවා දැන් අප්පච්චිට බැහැ කියලා, ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

” මහින්ද මහත්තයා පෙරළගෙන යන්න පුළුවන් කිව්වා. කවුද පෙරළුණේ. ගත වූ දින 50 දී අපි පෙන්නුවා දැන් අප්පචිදට බෑ කියලා, රාජපක්ෂට බෑ කියලා. මහින්ද කිච වුණා. පච වුණා. සමහරු උසාවියට අපහාස කරන්න උත්සාහ කරනවා.

පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. අවසාන ඉලක්කය විය යුත්තේ 2019 ජනපතිවරණයයි. ජනපතිවරණයෙන් පස්සේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගත යුතුයි.” යනුවෙන් එ් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News