ශ්‍රීලනිපෙන් එජාපට යන අයට මහින්දගෙන් ඉල්ලීමක්

Share

අද වෙද්දී ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එජාප චින්තනයේ ඉන්න කිහිපදෙනෙක් එජාපය එක්ක එකතු වෙනවා කියලා අාරංචි වන බවත්, ඒ ගැන කණගාටුවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

මාතරදි අද(17) පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසු අතර වැඩිදුරටත් කියා සිටියේ,

‘‘ඊයේ ජනාධිපතිතුමා රට වෙනුවෙන් කළ ඒ නිර්භිත ප‍්‍රකාශයට අපේ ගෞරවය හිමිවෙනවා. එතුමා සත්‍යය කතා කරා, රටේ වෙච්ච දේවල් ගැන, වෙන්න පුළුවන් දේ ගැන එතුමා කතා කරා. ඒ හැම වචනයක්ම එජාප සියලූ දෙනා ගොරක කාපු රිලවු වගේ අහගෙන හිටියා. කතා කරන්න ඒ අයට වචන නැහැ, කට අරින්න බැහැ, ඒ නිසා ඒ හැසිරිම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

පසුගිය වසර තුනහාමාරට මේ රටට කරපු විනාශය වචන වලින් රුපියල් වලින් කියලා ඉවර කරන්න බැරි බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. අද මේ අලූත් ආණ්ඩුව දිහා රටේ ජනතාව උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මොකද බොහොම භයානකයි.

‘‘ඒ වගේම අද වෙද්දි අපට ආරංචි වෙනවා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එජාප චින්තනයේ ඉන්න කිහිපදෙනෙක් එජාපය එක්ක එකතු වෙනවා කියලා, අපි ඒ ගැන කණගාටු වෙන්නෙ නැහැ. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි එතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා ඇතුළට ගිහින් මේ ආණ්ඩුව රට විකුණන්න, රට දෙකඩ කරන්න ගෙනෙන යෝජනා වලට ඒ වෙලාවේදි විරුද්ධව නැගි සිටින්න ශක්තිය ලැබෙයි කියලා’’ යැයි එ් මහතා වැඩිදුරටත් පැවසිය.

 

Read more

Local News