ආණ්ඩුවට යන කිසිවෙකුටත් ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඒ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙසයි.

එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එම පෙරමුණ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇතැයිද වාර්තා වේ.

Read more

Local News