ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Share

හෙට(19) උදෑසන 7 සිට පස්වරු 5 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ මහනුවර – කුණ්ඩසාල අරත්තන ජල පවිත්‍රාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙනි.

දිගන නගරය, වික්ටෝරියා පාර, ගෝනවල පාර, මල්පාන පාර, මැණික්හින්න, මහවත්ත සහ බෝධිගල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම අමුණුගම, ගුන්නෑපාන, පන්විල සහ අහස් පොකුණ යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

Read more

Local News