ශ්‍රිලනිපය අද විපක්ෂයට

Share

ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ අසුන් ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනාගේ කණ්ඩායම තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසූවේ‍ෙජනාධිපතිවරයා සමඟ ඊයේ (17දින පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දැක්විමෙනි.

පැවති ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 21දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණි.

සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැති අතර එය අවසන් වූ පසු ඊට සහභාගි වූ මන්ත්‍රිවරු මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

Read more

Local News