ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

Share

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මසුන් අල්ලමින් සිටියදී බෝට්ටුවේ කාර්මික ‍දෝෂයක්‍ හේතුවෙන් අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාරදි ඇත.

නාවික හමුදාව විසින් මේ ධීවරයින් අටදෙනා යාපනයේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News