බස් ගාස්තු අඩුකිරීම කල් යයි

Share

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීම පිළිබඳව මේ මස 21 වැනි දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව බස් සංගම් පැවසීය.

අවස්ථා තුනකදී ඩීසල් ලීටරයක මිල රුපියල් 17 කින් අඩුවීම සැලකිල්ලට ගෙන පසුගිය 05 වැනි දින විධිමත් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසම තීරණය කළේ මේ මස 21 වැනි දින අවසන් සාකච්ඡාව පවත්වා බස් ගාස්තු සංශෝධනය කිරීමටය.

පවතින දේශපාලන වෙනස්කම් හේතුවෙන් අදාළ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ තම සංගමයේ ඉල්ලීම වී තිබෙන්නෙත් අදාළ සාකච්ඡා කල් දමන ලෙසට බවයි.

Read more

Local News