කුඹුක් අත්තක් නිසා ජිවිතයක් අහිමි වෙයි

Share

කරුවලගස්වැව පොලිස් බල ප්‍රදේශයට අයත් තබ්බෝව ප්‍රදේශයේදී පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි ජල පාලකවරයෙකුගේ හිස මතට දිරා ගිය කුඹුක් අත්තක් කඩා වැටීමෙන් ඊයේ(17) දින එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවයි පරික්ෂණපවත්වන කරුවලගස්වැව පොලීසිය සදහන් කළේ.

මෙසේ කුඹුක් අත්තක් හිස මතට කඩා වැටීමෙන් මරණයට පත්ව ඇත්තේ තේවනුවර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඩබ්ලිව්.ඒ.පියසිරි නැමති සිව්දරු පියෙකි.

අදාල මරණකරු දැනට වසර 15ක පමණ කාලයක සිට ජල පාලක තනතුරෙහි සේවයේ යෙදී සිටින බවත් තබ්බෝව ජලාශයට අනුයුක්තව වසර 35 ට ආසන්න කාලයක් සේවයේ යෙදී සිට ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා බැකෝ රථයක් වාරි පද්ධතියක් සකසමින් සිටියදී එය නිරික්ෂණය කිරීම සඳහා අසල තිබූ කුඹුක් ගසක් මුල හිදිමින් සිටියදී මෙම අනතුරට ලක්ව මෙසේ මරණයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News