මහින්දට විපක්ෂ නායකකම නොදෙන්න කියපු කතාව

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රිලනිප සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා  “මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක තනතුර ලබා නොදීම සඳහා අපූරු තර්කයක් මේ දවස් වල සමාජ ජාලා හරහා ව්‍යාප්ත කරමින් තිබෙනවා.

ඒ තමයි මහින්ද දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්. ඒත් පොහොට්ටුව සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවේ.  ඒ නිසා මහින්ද මහතාට සන්ධානෙන් විපක්ෂ නායක තනතුරට නම් කරන්න විධියක් නෑ.

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලා අයදුම්පතක් භාර දුන්න බවට ආරංචියි.  ඒත් සාමාජිකත්වය දුන්නා ද නැද්ද කියන එක දන්නේ බැසිල් රාජපක්ෂ මහතා තමයි.‍ හැබැයි එක දෙයක් පැහැදිලියි. කිසිම අවස්ථාවක ශ්‍රිලනිපය විසින් මහින්ද මහතා ශ්‍රිලනිප සාමාජිකත්වයෙන් තබා අනුශාසක ධූරයෙන්වත් නෙරපා හැරියේ නෑ. ඒ නිසා මේ මොහොතෙත් එතුමා ශ්‍රිලනිප සාමාජිකයෙක් ලෙස විපක්ෂ නායක ධූරයට හිමිකම් කියන්න පුළුවන්”යැයි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News