ජනපති – එජනිස මන්ත්‍රී සාකච්ඡා අැරඹෙයි

Share

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 10.00 ට පමණ එම රැස්වීම ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටින බව සඳහන්ය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18) දින පස්වරු 04.00 ට රැස්වීමට නියමිතව තිබේ.

 

Read more

Local News