අනතුරකින් අයෙක් මරුට – 3ක් රෝහලට

Share

අක්කරපත්තුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පෙරියනිලාවනි සරස්වතී විද්‍යාලය පාර හංදිය ආසන්නයේ දී ඊයේ(17) සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙක් රෝහල් ගත කර තිබේ.

කල්මුණ දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වු ලොරි රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී මෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ චේනතුර පාර, කොට්ටකල්ලාර ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News