රෝහලක ගින්නක් – 8ක් මරුට

Share

ඉන්දීයාවේ මුම්බායි නුවර පිහිටි රජයේ රෝහලක වීශාල ගින්නක් හටගෙන තිබෙන අතර එම ගින්නෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජිවිතක්ෂයට පත්වූවන් අතර මාස 6ක් වයසැති කුඩා බිලිඳෙකු ද සිටින බව ඉන්දීය පොලීසීය සඳහන් කරයි. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබා අැත.

රෝහලේ හතරවන මාලයේ ගිනි ගැනීම සිදුව තිබේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News