මනෝට, මලික්ට ඇමතිකම් එපාලු

Share

අවශ්‍ය වුවහොත් තමාද අමාත්‍යධූරයන් අත්හැරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද පවසා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ආණ්ඩුවේ කිසිදු අමාත්‍යධූරයක් බාර නොගැනීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා මෙම තීරණය ගෙන ඇති අතර අද (18) උදෑසන පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වෙයි.

නව රජයේ කැබිනට් මණ්ඩලය අද බොහෝ දුරට දිවුරුම්දීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතු වන අතර, මේ හේතුව නිසා මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් වෙයි.

නව කැබිනට් මණ්ඩලය තුළ ද පසුගිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකු එම අමාත්‍යාංශවලම දිවුරුම්දීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.

Read more

Local News