නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපේ සහය නෑ – ලක්ෂ්මන්

Share

සැප්තැම්බර් මාසයට පෙර ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් “පැහැදිලිව කියනවා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න දෙන්නේ නෑ. ජනපතිතුමාට පොරොන්දු වුණත්19 වැනි සංශෝධනය ගේනවා. ඉන් පස්සේ 20 වැනි සංශෝධනය ගේනවා කිව්වා. එහෙම වුණේ නෑ. 19 සංශෝධනය වෙනස් කරලා රටට සංශෝධනයක් ගේනවා. අපි ගිය ආණ්ඩුවේ තුනෙන් දෙක නැතිකරලා තියෙනවා. අපි ඒ අවස්ථාව දෙන්නේ 19 වැනි සංශෝධනයේ තිබෙන ඒවා අයින් කරලා 20 වැනි සංශෝධනයක් ගේනවනම්.

මාස 8යි තියෙන්නේ. සැප්තැම්බර් මාසයට කලින් ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඕන. ගෝල්ෆේස් එකට සෙනග ආවානම් මැතිවරණයකට යමු. අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන්නයි.” යැයි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News