සම්පන්ධන් විපක්ෂ නායක අසුනේ අසුන් ගනී

Share

අද (18) දින ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන අවස්ථාවේ පැමිණ සුපුරුදු පරිදි විපක්ෂ නායකවරයාට හිමි අසුනේ අසුන් ගනු ලැබිය.

ඒ සමගම එම ස්ථානයට පැමිණි නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රිවරයා සම්පන්ධන් මන්ත්‍රීවරයාට යමක් කියනු දක්නට ලැබුණු අතර එය ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබු අතර අනතුරුව සභා ගර්භයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට හිමි අසුනට වම්පස පිහිටි අසුනේ අසුන් ගනු ලැබිය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවූ අවස්ථාවේ කතානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ විපක්ෂයේ පක්ෂ අතරින් බහුතර මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිලිගන්නා බවයි.

Read more

Local News