ටොන් 3.2ක් බර ඇත් දළ තොගයක් අත්අඩංගුවට

Share

ටොන් 3.2ක් බරින් යුතු වාර්තාගත අප්‍රිකානු ඇත් දළ ප්‍රමාණයක් කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගැනීමට කාම්බෝජයේ රේගු බලධාරීන් සමත්ව සිටියි.

කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ලබාදුන් ඔත්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහි අප්‍රිකානු අලි ඇතුන්ගේ දළ 1,026ක් තිබී ඇත.

මෙම කන්ටේනරය මොසැම්බික් රාජ්‍යයේ සිට පැමිණි එකක් බව ෆෙනොම් පෙන් වරායේ රේගු නිලධාරීහු පවසති.

මෙම කන්ටේනරයේ වූ මාබල් තොගයක් අතර ඇත් දළ සඟවා තිබූ බවද රේගු නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ.

Read more

Local News