වේගෙන් අා ත්‍රීරෝද රිය පෙරළේ

Share

හැටන් වටවල සිට නල්ලතන්නිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගයට හරහා පෙරළී අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද (18) පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදිය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු ගමන් කර ඇතත් අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැත.

අනතුරෙන් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසිය.

Read more

Local News