මී උණ වැළැක්විමට ඖෂධ රැසක් ආණමඩුවට

Share

මී උණ රෝගය වැලඳීම වැළැක්විම සඳහා ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශයේ ගොවින් සහ අනිකුත් ජනතාව වෙත ඖෂධ 40,000 කට ආසන්න ප්‍රමාණයක් බෙදා දිම සිදුකර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පැවසිය.

මෙවර මහ කන්නයේ කුඹුරු වගා ආරම්භ විමත් සමඟ ගොවින් කුඹුරු වලට බැසිමට ප්‍රථම සහ විටන් විට මෙම මී උණ හෙවත් ලෙක්ටොස් ෆයිරෝසිස් රෝගය වැලැක්විමට ඖෂධ ලබා දිම සිදුවු බවත් එය ගොවින් සහ අනිකුත් පිරිස් 5000 කට ආසන්න ප්‍රමාණයකට බෙදා දිම සිදුව ඇති බව පවසයි.

මී උණ බැක්ටිරියාවක් මඟින් පැතිරි යන අතර බහුල ලෙස කුඹුරු වලට බැසිමට ප්‍රථම ඩොක්සිසයී ක්ලින් නැමති ප්‍රතිජිවක ඖෂධ කරල් සතියකට දෙක බැගින් ගැනිමට ගොවින්ට සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

Read more

Local News