ලෝකේම දිනා ලුෂන් යළි එයි

Share

ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් 10 වන ලෝක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව යළිත් ඊයේ (18) දින රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය තායිලන්තයේ “චියන්මායි” හීදී රටවල් 52ක ලෝකයේ මුල් පෙළේ ක්‍රීඩකයන් 600කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී එම සියලු ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් කිලෝ ග්‍රෑම් 100 ට වැඩි බර පංතිය යටතේ තරඟ වැදුන ලූෂන් පුෂ්පරාජ් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන තිබුණි. එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු සිදු කළ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ ය.

Read more

Local News