සෙවනගල අපිරිසිදු අාහාර වටලයි

Share

සෙවනගල නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙලඳසැල් සොයා විශේෂ වැටලීමක් ඊයේ(18) දවස පුරා ක්‍රියාත්මක කරනු ලැබිණි.

එ් සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහභාගී කර ගනිමිනි.

මෙහිදී අපිරිසිදු ආහාර, කල් ඉකුත් ආහාර සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කල වෙලඳසැල් හිමියන් දස දෙනෙකු සඳහා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

තවත් වෙලඳසැල් රැසකටම රතු නිවේදන නිකුත් කර ඇති අතර, වෙලඳසැල් රැසකටම දැඩිලෙස අවවාද කර තිබේ.

මෙම වැටලීමේදී වෙලඳසැල් හැටකට ආසන්න ප්‍රමාණයක් පරික්ෂාවකට ලක් කර ඇති අතර මෙහිදී අපිරිසිදු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ සැකකරුවන් මේ මස 21 වනදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News