පරෙවි දූපත වසා දැමේ

Share

පරෙවි දූපත ජාතික උද්‍යානය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.

නැගෙනහිර මුහුදේ මේ දිනවල පවතින රළු ස්වභාවය හේතුවෙන් මෙම පියවර ගත් බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටින්නේ.

මෙම රළු ස්වභාවය මේ මස අවසන් වන තුරු පැවතිය හැකි බවටයි එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මුහුද සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස නිලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News