කැනඩාව පෙන්වා මුදල් ගැරූ කත රිමාන්ඩ්

Share

කැනඩාවේ රැකියා දෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(18) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය දෙසැම්බර් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා(17) අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 26 ක වටිනාකමින් යුතු රන් ආභරණ සහ මුදලින් රුපියල් 50,000 ක් මෙන්ම ගුවන් ගමන් බලපත්‍ර 72 ක්, බැංකු පොත් 50 ක් සහ ඒ.ටී.එම්. කාඩ් 50 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read more

Local News