රෝසි අයවැය ඉදිරිපත් කරයි

Share

2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඊයේ (18) සභාවට ඉදිරිපත් කළාය.

ලබන වසරේදී රුපියල් 16,984,337,000ක සමස්ථ ආදායමක් අපේක්ෂා කරන බවත්,මුළු වියදම රුපියල් 16,983,730,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවත් නගරාධිපතිනිය සඳහන් කරනු ලැබිණි.

නාගරික මන්ත්‍රිවරුන් 119 දෙනා සඳහා අයිපෑඩ් පරිඝනක ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්,ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1134ක් වෙන් කරන බවත්,කොළඹ නගරයේ දිනකට එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික්ටොන් 550 දක්වා අඩුකරගැනීමට අපේක්ෂා කරන බවත්,මිශ්‍ර කසල බැහැරකරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා එවැනි ස්ථානවල සීසීටීවී කැමරා සවිකරන බවත් ඇය ප්‍රකාශ කළාය.

Read more

Local News