මහින්ද ශ්‍රිලනිපයෙන් ඉවත් නොවු බව මහින්දානන්ද කියයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19)  පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බව අලුත්ගමගේ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ඔහුට විපක්ෂ නායක ධූරය සඳහා හිමිකමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 97ක් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News