ලක්ෂ 50ක භාණ්ඩ කොල්ලකෑ 5ක් අල්ලයි

Share

වැල්ලවාය පොලිස් බල නුගයාය ප්‍රදේශයේ පවතින භාණ්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාණ්ඩ ද සමඟ වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර එම වෙලඳසැලේ සේවය කල සේවකයන් ද සිටින බව පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ, ගෑස් ලිප්, යකඩ පෑස්සුම් උපකරණ ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැකකරුවන් විසින් කොල්ලකා ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට වැඩි බව පොලිසිය පවසයි.

එම භාණ්ඩ සැකකරුවන්ගේ නිවෙස් වල තිබී සහ වෙනත් පුද්ගලයන් හට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙලුල්ල, බිබිල සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර සැකකරුවන් පිලිවෙලින් වයස අවුරුදු විස්ස විසිදෙක විසි හතර යන වයස් වල පසුවන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වැල්ලවාය පොලිස් පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News