මුලතිව් යුද හමුදාව සතු ඉඩම් නැවත සිවිල් ජනතාවට

Share

මුලතිව් ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස පවරාදීම ඊයේ(18) මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත අදාළ ඉඩම් නැවත පැවරීම සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නැවත සිවිල් ජනතාව වෙත පැවරීමේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් නිදහස් කොට තිබිණ.

මේ අනුව මුලතිව් උප්පුමාවේලි ප්‍රදේ‍ශයේ අක්කර 10.05 ක්, මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 10 ක්, මුලතිව් වට්ටාපලෙයි ප්‍රදේශ‍යේ අක්කර 6ක්, කොම්බාවිල්හි අක්කර 3ක් , වල්ලිපුනම්හි අක්කර 2ක්, පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ආදි ප්‍රදේශ කිහිපයක්ම අවාරණය වන පරිදි ඉඩම් අක්කර 52.14 ක් එලෙස නැවත පැවරීම සිදුකරනු ලැබීය.

Read more

Local News