මුදල් අමාත්‍යංශය එක් පුද්ගලයෙකුට දිය යුතු බව අසාද් සාලී කියයි

Share

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය ලබා දීමේදී එය එක් පුද්ගලයෙකුට ලබා දිය යුතු බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලී මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වන විට ආණ්ඩුව අළුතින් පිහිටවා ඇති බවත්, අගමැතිවරයාද නැවත වරක් දිවුරුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට දිවුරුම් දීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුව තුළින් එකට පැවති මුදල් අමාත්‍යංශය හතරකට කැඩූ බව තමන් පමණක් මාධ්‍ය හමු දහයකට වඩා පවසා ඇති බව මතක් කළ හැකි බව ඔහු මෙහිදී සඳහන් කරනු ලැබිය.

කොටසක් කබීර් හෂීම් මහතාට ලබා දුන් බවත්, කොටසක් අගමැතිවරයා ගත් බවත්, කොටසක් රවී කරුණානායක මහතාටත් හා තවත් කොටසක් තවත් අයෙකුටත් ලබා දීම සිදු කර ඇති බව ද අසාද් සාලි මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශය වගකිව යුතු අයෙකුට සම්පූර්ණයෙන් භාර දිය යුතු බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා මේ අයුරින් මුදල් අමාත්‍යංශය කොටස්වලට කැඩීම, රටේ විනාශයට හේතුවක් වු බව ද පැවසීය.

Read more

Local News