වසර මිලියන 100කට වඩා ඉපැරණි ඩයිනොසෝර් පාදයක් හමුවෙයි

Share

වසර මිලියන 100කට වඩා ඉපැරණි හොඳින් සංරක්ෂණය වී පැවති ඩයිනොසෝර් පාද කොටස් කිහිපයක් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

සසෙක්ස් ප්‍රාන්තයට අයත් හැස්ටින්ග්ස් ප්‍රදේශයේ පසුගිය කාලයේදී සිදුවූ වෙරළ ඛාදනයෙන් පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් අවම වශයෙන් විශේෂ 7කට අයත් ඩයිනොසෝර් සත්ත්වයින්ගේ පාද කොටස් සොයා ගැනීමට සමත් වී ඇත.

සෙන්ටිමීටර් 2 සිට සෙන්ටිමීටර් 60 දක්වා විශාලත්වයෙන් යුතු එම කොටස්වල සම, නියපොතු ආදිය පවා පහසුවෙන් දැකගත හැකි පරිදි ආරක්ෂා වී තිබේ.

Read more

Local News