හලාවත වෙළඳසැල් 9ක ගින්නක්

Share

අද (20) අළුයම හලාවත නගර සභාවට අයත් පදික වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් එහි වෙළඳසැල් නවයක් ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න හටගෙන සුළු මොහොතකින් හලාවත පොලිසියේ නිලධාරීන් මැදිහත්ව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩ පවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

හලාවත පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News