පුපුරණ ද්‍රව්‍ය තොගයක් මුලතිව් වලින් හමුවෙයි

Share

මුලතිව් පළාතේ ස්ථාන තුනක වළලා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා යුද උපකරණ රැසක් මුලතිව් පොලීසිය විසින් ඊයේ(19) දා සොයාගෙන තිබේ.

මුලතිව් පුදුකුඩීරිප්පු, විශ්වමඩු හා කොක්කුතුඩුවායි යන ප්‍රදේශ වලින් මෙම යුද උපකරණ ගොඩගෙන ඇත්තේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවය.

මෙම පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් අවසන් යුද සමය්දී මේ ස්ථානවල වළ දමන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.

මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා මේ යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට මුලතිව් පොලීසිය කටයුතු යොදා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Read more

Local News