යාපනයේ සියලුම පොලිස් නිලධාරී නිවාඩු අවලංගුයි

Share

යාපනය දිස්ත්‍රීක්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ සවස සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

යාපනය දිස්ත්‍රීක්කය තුළ පිහිටි පොලිස් කොට්ඨාස 09ම නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇත්තේ පසුගිය දිනයන්හි සිදුවූ අපරාධ රැල්ල මැඩපැවැත්වීම ඉතා අඩු අගයක් ගැනීම හා පොලිස් නිලධාරීන්ගේ දුර්වල ක්‍රියාකලාපයන් හේතුවෙන් බවට නිවාඩු අවලංගු කිරීමට හේතු වශයෙන් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අදාල නිවාඩු අවලංගු කිරීමේ නිවේදනය පිළිබඳව යාපනය දිස්ත්‍රීක්කයේ බොහෝ පොලිස් නිලධාරීන් පිරිසකගේ දැඩි කනගාටුවකට ලක්ව ඇත්තේ අපරාධ මැඩලීමේදී ඇතම් පොලිස් ස්ථානයන් ඉතා ඉහළ අගයක් ගන්නා අතරම ඇතැම් පොලිස් ස්ථාන පහළ අගයක් ගන්නා අවස්ථාවේදී පහළ අගයක් හෝ අපරාධ මැඩලීමේ දුර්වල පොලිස් ස්ථානයන්ට පමණක් නිවාඩු අවලංගු කිරීම සිදු නොකොට සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම පිළිබඳව කනගාටුවට හා කලකිරීමට ලක්ව සිටින බවටය.

Read more

Local News