අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 109යි මිලිග්‍රෑම් 306ක් සහ හෙරොයින් ග්‍රෑම් 807ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News