ළමා නිවාසයක ගින්නක්

Share

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ළමා නිවාසයක ඊයේ(19) රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති වුවත් ළමා නිවාසයේ උඩු මහළට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ගින්න හටගත් අවස්ථාවේදී ළමා නිවාසයේ ළමුන් 21 දෙනෙකු රැඳී සිට ඇත.

ළමා නිවාසයේ උඩු මහලේ සිදුකරමින් තිබූ ප්‍රතිසංස්කරණ කටයුත්තකට යොදාගත් පෑස්සුම් උපකරණයක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇති බවට සැක කරයි.

අනුරාධපුර මහ නගර සභාවට අනුයුක්ත ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් පැයක පමණ පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කිරීමට සමත් වූ බවටයි වාර්තා වන්නේ.

Read more

Local News