ශ්‍රීලනිපයෙන් ආ මන්ත්‍රීන්ට අමාත්‍ය ධූර දෙන හැටි ගයන්ත කියයි

Share

අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටතට පැමිණි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි පිරිසට අමාත්‍ය ධුර ලබා දිමේදි අගමැතිවරයා හා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට තෝරා පත්කරගන්නා බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ‘‘සුපුරුදු පරිදි ඉඩම් හා පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යධූරය මට ලැබුණා.මම සතුටින් එය භාරගත්තා.

මොකද ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදිමේ ජාතික වැඩසටහන අපි ආරම්භ කරලා තිබුණේ එය කඩනමින් ඉදිරියට ගෙන යන්න නැවත වරක් ඒ වගකීම මා හට ලැබුණා‘‘  බවයි.

Read more

Local News