නව අයවැය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජිත කියයි

Share

ලබන වසර සඳහා වූ අයවැය ලේඛණයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකට අද(20) පෙරවරුවේ සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යධූරයේ දෙවන වරටත් දිව්රුම් දුන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සිය පළමු රාජකාරිය ලෙස මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ජනවාරි 01 සිට රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා මුදල් වෙන් කර නොමැති බැවින් කඩිනම්න් මුදල් වෙන්කර ගත යුතු බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්කර අයවැය ලේඛණයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Read more

Local News