කොටහේන පොලිස් වසමේ වාසල පාරේ ගමනාගමනය සීමා කරයි

Share

පොලිස් මූලස්ථානය සඳහන් කළේ කොටහේන පොලිස් වසමේ වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල දක්වා මාර්ගයේ අලුතින් ජල නල එළීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (27) රාත්‍රියේ සිට 30දා උදෑසන දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.
ඒ අනුව එම මාර්ගයේ පදිංචිකරුවන්ට පමණක් මාර්ගය භාවිත කළ හැකි අතර අනෙකුත් වාහන සඳහා කොටහේන සෙන් බෙනඩික් මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් මාවතට පිවිසිය හැකිය.

Read more

Local News