හිටපු ජනපති බිරිය අත්අඩංගුවට ගන්න වරෙන්තු

Share

සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකානු අධිකරණයක් වරෙන්තු නිකුත් කර තිබේ.

ගේබ්‍රියල් එන්ගෙල්ස් නමැති මෝස්තර නිරූපණ ශිල්පිනියකට හිරිහැර කිරීමේ චෝදනාව මත සිම්බාබ්වේ හිටපු ජනාධිපති බිරිඳ වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

දකුණු අප්‍රිකාවේ අධිකරණයකින් මෙම වරෙන්තුව නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2017 දී මෙම අකටයුත්ත සිදුව ඇති අතර ඇයට දකුණු අප්‍රිකාවෙන් පිටවී යාමට ඉඩදීම පිළිබඳවත් අධිකරණය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

ජොහැනර්ස්බර්ග් නගරයේ පිහිටි හෝටල් කාමරයකදී ග්‍රේස් මුබාබේ තමන්ට පහර දුන් බව මෙහිදී එම නිරූපිකාව පවසා තිබේ.

ඒ සඳහා ග්‍රෙස් මුගාබේ විදුලි රැහැණක් යොදාගත් බවද ඇය අනාවරණය කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් තමන් එසේ ඇයට පහර දුන්නත්, එය දුෂ්ට චේතනාවකින් තොරව හුදෙක් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කළ කටයුත්තක් බවට ග්‍රේස් මුගාබේ පවසා තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති ආර්යාව මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ සිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය පැතීමට දකුණු අප්‍රිකානු පොලීසිය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්ථා වෙයි.

Read more

Local News