නව අගමැති මෙලෝ රහක් නැති බව චන්දිම කියයි

Share

කැබිනට් ඇමතිකම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුළට දමා වසා දමා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජානිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් “දැන් මේ ඇමතිකම් නොලැබුණු අය ජනාධිපතිට බනින්න ඉස්සෙල්ලා හොයලා බලන්න තමන්ගේ නම් නිර්දේශ කරලා එව්ව ද කියලා. එතකොට ඇත්ත දැන ගන්න ලැබේවි.

කැබිනට් ඇමතිකම් බලාගෙන ගියපු අය නම් ඉතින් රනිල් කැබිනට් එකකට දාලා ලොක් කරලා ඇණ ගහලා. ආයිත් එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න.

දැන් රටට තියෙන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් හා අගමැති කෙනෙක්. රට දිගින් දිගටම යන්නේ අදුරට නිසා රවීට නියම ඇමතිකම දීලා තියෙනවා. වැඩි කාලයක් දැන් ඉතින් අපිට විදුලි බලය ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි.

හැබැයි ඉතින් රටත් අදුරට යන එකේ විදුලි බලය නැති වුණා කියලා එජාප පාක්ෂිකයින්ට එතරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

දැන් පසුගිය කාලයේ කොටන් ඇදපු අලි ටික සිරිකොට ට ගාල් කරලා. පසුගිය කාලයේ ජොලියේ හිටපු අයට ඇමතිකම් ටික දීලා සැප ගන්න කියලා. පසුගිය දවස්වල නිදි නැතිව අරලියගහ මන්දිරේ හිටපු අයට දැන් පොඩි විවේකයක් දීලා තියනවා දැන් නිදාගෙන ආයිත් ප්‍රශ්නයක් වුණාම එන්න කියලා. ඒ නිසා ඒ අය දැන් ගෙවල් වලට වෙලා සුවසේ ඉන්න කියලා අපි කියනවා. ඕනම නම් ජය සැමරීමේ හා රතිඤ්ඥා පත්තු කිරීමේ ඇමතිකම දෙන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. පව් ඒ අය.” යැයි මන්ත්‍රිවරයා පැවසීය.

Read more

Local News